Click here to read this blog post in English.
සහයෝගීත්වය යනු Microsoft හි සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇති සාධකයකි. ලොව පුරා හවුල්කරුවන් 400,000කට අධික සංඛ්‍යාවක් සමග අප මේ වනවිට අත්වැල් බැඳගෙන සිටින අතර, විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය පිළිබඳව දැඩි අවධානයක් යොමුකර ඇති වර්තමාන ලෝකයේ නවීනතම තාක්ෂණයන් පාරිභෝගිකයන් වෙත රැගෙන ඒම සඳහා එම හවුල්කාරීත්ව ජාලය කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරයි. Microsoft Inspire යනු මෙම කාර්යභාරය ඇගයීමටත්, Microsoft නිෂ්පාදන සමග සම්බන්ධ වීමට නව ක්‍රමවේදයන් හඳුන්වා දීමටත් ලැබෙන අගනා අවස්ථාවකි.
අපගේ හවුල්කරුවන් අත්කරගෙන සුවිශේෂී ජයග්රහණයන් සැමරීම සඳහා, 2023 Microsoft Partner of the Year සම්මාන උළෙලේ අවසන් වටයට සුදුසුකම් ලැබූවන් සහ ජයග්‍රාහකයන් ඇගයීමට ලක්කරමින් අපි Microsoft Inspire වැඩසටහන ආරම්භ කළෙමු. මෙම ජයග්‍රාහක ලැයිස්තුව පසුගිය ජූනි මාසයේදී මුලින්ම ප්‍රකාශයට පත්කරන ලදී. විසඳුම්, කර්මාන්ත, ව්‍යාපාර පරිවර්තනයන් සහ සමාජ බලපෑම් ඇතුළු කාණ්ඩ රාශියක හවුල්කරුවන්ගේ සාර්ථකත්වය සහ නවෝත්පාදන මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වේ.
මෙම වසරේ Microsoft Inspire තුළදී ප්‍රධාන වශයෙන් AI තාක්ෂණය පරිවර්තනීය මෙවලමක් ලෙස අපගේ පාරිභෝගිකයන් සහ හවුල්කරුවන් වෙත හඳුන්වා දීම සිදුකෙරේ. AI තාක්ෂණය මගින් බලගැන්වෙන තවත් විසඳුම් පෙළක් හඳුන්වා දෙමින්, අපගේ හවුල්කරුවන්ට මෙම කෘත්‍රිම බුද්ධි තාක්ෂණික නවෝත්පාදන තම ආයතන තුළ භාවිතා කළ හැක්කේ කෙසේද යන්න පෙන්වා දීම අපගේ අරමුණයි. කෘත්‍රිම බුද්ධි තාක්ෂණික හැකියාවන් වැඩිදියුණු කිරීමේ සිට පාරිභෝගිකයන්ගේ සාර්ථකත්වයට මහෝපකාරී වන නිෂ්පාදන හා සේවාවන් හඳුන්වා දීම දක්වා විවිධාකාර අරමුණු සඳහා මෙම නවෝත්පාදන භාවිතා කළ හැකි වේ. පහත දක්වා ඇත්තේ මෙවර Microsoft Inspire හිදී හඳුන්වා දෙන ලද නව නිෂ්පාදන හා සේවාවන් කිහිපයක් පිළිබඳ තොරතුරු ය.
Bing Chat Enterprise හඳුන්වා දීම
පසුගිය පෙබරවාරි මාසයේදී නව Bing හඳුන්වා දීමෙන් අනතුරුව සමාගම් රැසක් නව AI මෙවලම් භාවිතයට ගැනීමට උනන්දුවක් දැක්වීය. එහෙත් එහිදී තම දත්තවල ආරක්ෂාවට ගැටලුවක් ඇතිවනු ඇතැයි ඔවුන් තුළ බියක් පැවතිණි. Bing Chat Enterprise හඳුන්වා දෙන ලද්දේ මීට පිළියමක් වශයෙනි. මෙමගින් සමාගම් හා ආයතනවලට සිය වාණිජ දත්තවල ආරක්ෂාව තහවුරු කරගනිමින් ව්‍යාපාර කටයුතු සඳහා AI තාක්ෂණය සහිත චැට් සේවාවක් භාවිතා කිරීමට අවස්ථාව ලැබේ. මෙමගින් දත්තවල ආරක්ෂාව තහවුරු වන අතර, පාරිභෝගිකයන් වඩාත් තෘප්තිමත් වන ආකාරයේ කාර්යක්ෂම හා නිර්මාණශීලී පිළිතුරු ලබාදීමට හැකි වේ.
Microsoft 365 E5, E3, Business Premium සහ Business Standard බලපත්‍ර හිමි සමාගම් හා ආයතනවලට අමතර ගාස්තුවකින් තොරව අද සිට Bing Chat Enterprise භාවිතා කළ හැක. අනාගතයේදී එක් පරිශීලකයෙකුට මසකට ඇමරිකානු ඩොලර් 5 ක ගාස්තුවක් යටතේ වෙනම සේවාවක් ලෙස Bing Chat Enterprise ලබාදීමට අප සැලසුම් කර තිබේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පිවිසෙන්න: Bing Chat Enterprise.
Microsoft 365 Copilot ගාස්තු හඳුන්වා දීම
අද දින Microsoft 365 Copilot සඳහා ගාස්තු හඳුන්වා දෙනු ලැබේ. ඒ අනුව ඉදිරියේදී Microsoft 365 E5, E3, Business Standard සහ Business Premium පාරිභෝගිකයන්ට එක් අයෙකුට මසකට ඩොලර් 30 බැගින් ගෙවීමෙන් මෙම සේවාව ලබාගත හැකි වනු ඇත.
ඇතැම් AI යෙදුම් සජීවී පිටපත් කිරීම හෝ පිටපත් ලිවීම වැනි තනි හැකියාවක් කෙරෙහි අවධානය යොමු කරන අතර, ඊට සාපේක්ෂව Microsoft 365 Copilot හැකියාවන් දහස් ගණනක් භාවිතා කිරීමට අවස්ථාව සලසා දෙයි. එපමණක් නොව ඔබේ ලිපිලේඛන, ඊමේල්, කැලැන්ඩර්, චැට්, රැස්වීම් සහ සම්බන්ධතා තොරතුරු ආදියෙන් තොරතුරු ලබාගනිමින්, ඒවා රාජකාරි සන්දර්භය තුළ ඒකාබද්ධ කිරීමටත් – උදා- රැස්වීම්, කිසියම් මාතෘකාවකට අදාළව හුවමාරු වූ ඊමේල්, පසුගිය සතියේ සිදුකළ චැට් සංවාද ආදිය පවා, ඒ ඔස්සේ ඔබේ ප්‍රශ්නවලට වඩාත් ඵලදායී හා අදාළත්වයක් සහිත පිළිතුරු ලබාදීමටත් එයට හැකියාව ඇත.
Microsoft 365 Copilot මිලියන ගණනක් පරිශීලකයන් දිනපතා භාවිතා කරන යෙදුම්වලට අන්තර්ග්‍රහණය කර ඇත. එම නිසා පරිශීලකයන්ට Word, Excel භාවිත කරමින් දත්ත විශ්ලේෂණයට, PowerPoint මගින් ඉදිරිපත් කිරීම් නිර්මාණය කිරීමට, Outlook inbox හි නව අත්හදා බැලීම් සිදුකිරීමට සහ ඔබ ඊට සහභාගී වුවද නොවුනද Teams හි රැස්වීම් සාරාංශකරණයට ඇතුළු බොහෝ දේ සහිතව මෘදුකාංග රැසක් වඩාත් නිර්මාණශීලී හා කාර්යක්ෂම ලෙස භාවිතා කිරීමට අවස්ථාව හිමි වේ.
AI භාවිතයෙන් විකුණුම්කරුවන් හා පාරිභෝගික සේවා නියෝජිතයන් සවිබල ගැන්වීම
විකුණුම්කරුවන්ට තම මෙවලම් එකතුව තුළ තෝරාගැනීම් හැකි උපරිම ප්‍රමාණයක් තිබීම වැදගත් ය. මේ නිසාම සෘජුවම Dynamics 365 Sales තුළ Microsoft Sales Copilot හි ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට අප පියවර ගෙන ඇත. AI-generated opportunity summary, contextualized email drafts සහ meeting preparations වැනි අංග මීට ඇතුළත් වේ. ඒ ඔස්සේ Customer Relationship Management (CRM) task automation (Salesforce ඇතුළුව), සජීවී ප්‍රතිචාර සහ පාරිභෝගිකයන් සමග ගනුදෙනුකිරීමේදී AI තාක්ෂණයෙන් හිමිවන කරුණු සහ නිර්දේශ සමගින් වැඩි අලෙවියක් වාර්තා කරගැනීමට අලෙවිකරුවන්ට හැකියාව ලැබේ. මෙම විශේෂාංග හිමි වනුයේ දැනටමත් Microsoft Sales Copilot තුළ පවතින Teams calls summaries සහ email thread summaries වැනි විශේෂාංගවලට අමතරව ය. විකුණුම් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ජූනි 2022 හඳුන්වා දෙන ලද Viva Sales ද මේ වනවිට Sales Copilot හි කොටසක් බවට පත්කර ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: Microsoft Sales Copilot.
Microsoft Inspire හි දී අපි Virgin Money වැනි සමාගම් ඔවුන්ගේ පාරිභෝගික සේවා දෙපාර්තමේන්තු බලගැන්වීම සඳහා Power Virtual Agents තුළ Copilot සමග ගොඩනගා ඇති චැට්බෝට් සේවාවන් භාවිතා කරන ආකාරයද පෙන්වා දෙන්නෙමු. විනාඩි කිහිපයක් තුළ ව්‍යාපාරවලට අභ්‍යන්තර සහ බාහිර දැනුම් මූලාශ්‍ර, පාරිභෝගික සේවා යෙදුම් සහ Bing Search හරහා අන්තර්ජාල දත්ත භාවිතය ආදිය සඳහා ස්වාභාවික භාෂාව භාවිතයෙන් චැට්බෝට් පුහුණු කළ හැක. Virgin Money හි චැට්බොට් සේවාව මසකට පාරිභෝගික ගනුදෙනු 195,000 කට වැඩි ප්‍රමාණයක් හසුරුවන අතර, ඒ නිසා ඔවුන්ගේ පාරිභෝගික සේවා නියෝජිතයන්ට වඩාත් සංකීර්ණ පාරිභෝගික විමසීම්වලට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව හිමි වී තිබේ.
Process Mining in Power Automate
තම ක්රියාවලිවල බාධා ඇතිවන ස්ථානයන් හඳුනාගෙන එම බාධාවන් ඉවත් කිරීම සමාගම්වලට දුෂ්කර කාර්යයක් වන ආකාරය අපට නිතර දැකගත හැක. මෙයට විසඳුමක් වශයෙන් Microsoft සිය Power Automate Process Mining තුළට නවීනතම AI තාක්ෂණික විශේෂාංග පෙළක් ඇතුළත් කර තිබේ. මෙමගින් low-code automation ඔස්සේ පාරිභෝගිකයන්ට AI තාක්ෂණයේ මහිමය තුළ තම ක්‍රියාවලි වඩාත් කාර්යක්ෂම කරගැනීමට අවස්ථාව හිමි වේ. Process Mining මගින් පාරිභෝගිකයන්ට තම ව්‍යාපාරයන් තුළ සිදුවන ක්‍රියාවලි හොඳින් අවබෝධ කරගෙන, AI තාක්ෂණික ප්‍රතිචාර සහ යෝජනා භාවිතා කරමින්, Power Platform භාවිතයෙන් ඉක්මනින් අවශ්‍ය විසඳුම් නිර්මාණය කරගත හැකි වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: Process Mining in Power Automate
Azure OpenAI පුළුල් ව්‍යාප්තිය
4,500කට අධික පාරිභෝගික පිරිසකගේ Azure OpenAI සේවාව සම්බන්ධ උද්යෝගිමත්, ව්‍යාපාරික භාවිතාව දැකීමෙන් අපි සතුටට පත්ව සිටින්නෙමු. පාරිභෝගිකයන්ගේ ආයතනික දත්ත භාවිතයෙන් Chatbots ගොඩනැංවීම, පෙළ සාරාංශකරණය හා අන්තර්ගත උත්පාදනය, සංවර්ධනය නැරඹීම වැනි උද්යෝගිමත් ක්‍රියාවන් ඊට සාක්ෂි දරයි.
දැන් අපි ලොවපුරා ඇති තවත් සංවිධාන රැසක් හරහා සේවාව ගෙන එන්නෙමු. පසුගිය සතියේ Azure OpenAI සේවාව තවදුරටත් ව්‍යාප්ත කරමින්, අපි එය පළමු වතාවට ආසියාවට ලබාදෙන අතරතුර උතුරු ඇමෙරිකාවේ හා බටහිර යුරෝපයේ දීද ආරමිභ කරනු ලැබීමු.
නව `Azure’ හැකියාවන් සහ ආයෝජනයන්
Azure Migrate & Modernize ප්‍රමාණය සහ ලබාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා කැපීපෙනෙන ආයෝජනයක් සිදුකිරීමේ සැලසුම සහ, Analytics සහ AI සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් තිබෙන පසුබිමක් තුළ එම ඉල්ලුම සපුරාලීමේ උත්සාහයක් වශයෙන් නවතම ආයෝජනයක් වන Azure Innovate දියත් කිරීමේ සැලසුම නිවේදනය කිරීමටද අප කටයුතු යොදා තිබේ. මෙම නව විසඳුම් වැඩි පරාසයක් ආවරණය කරමින්, AI තාක්ෂණය භාවිතයෙන් යෙදුම් නිර්මාණය කිරීම වඩාත් පහසු කරනු ඇත.
Epic සමග වඩාත් පුළුල් ක්‍රමෝපායික හවුල්කාරීත්වයක්
ලොව ප්රමුඛ පෙළේ සෞඛ්‍ය සේවා මෘදුකාංග සමාගමක් වන Epic සමග Microsoft පවත්වාගෙන යන, AI තාක්ෂණයේ මහිමය භාවිතයෙන් සායනික විශේෂඥයන්ට පරිපාලනය වෙනුවෙන් වැයකරන කාලය අවම කරමින්, වඩාත් හොඳ සේවාවක් ලබාදීමට අවස්ථාව සලසාදෙන උපාය මාර්ගික සහයෝගීතාවය මෙහිදී පෙන්වා දිය හැක. Epic විසින් Azure OpenAI සේවාව එහි ඉලෙක්ට්‍රොනික සෞඛ්‍ය වාර්තා (EHR) මෘදුකාංගයට ඒකාබද්ධ කර බහුවිධ විසඳුම් ලබා දී ඇත. එය සායනික දත්ත සංවාදාත්මක සහ අවබෝධාත්මක ආකාරයකින් ගවේෂණය කිරීමට වෛද්‍යවරුන්ට උපකාර කිරීමේ සිට රෝගීන්ගේ විමසීම්වලට වඩාත් කාර්යක්ෂම ලෙස පිළිතුරු දීම දක්වා විවිධ ක්‍රම ඔස්සේ ඔවුන්ට උපකාරී වෙයි. තවද Nuance DAX Express සමගින්, අපි අපගේ AI තාක්ෂණයෙන් බලගැන්වෙන සායනික ප්‍රලේඛන හැකියාවන් සෘජුවම Epic වැඩ ප්‍රවාහයන්හි මෙහෙයුම් සමග ඒකාබද්ධ කළෙමු. මෙමගින් පරිපාලනමය පීඩනය තවදුරටත් අවම කර, වඩාත් හොඳ සෞඛ්‍ය සේවාවක් පාරිභෝගිකයන් වෙත ලබාදීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ.
මීට අමතරව, Epic පාරිභෝගිකයන් මේ වනවිට Azure Large Instances භාවිත කරමින් තත්ත්පරයකට මිලියන 50ක් දක්වා වන දත්ත ප්‍රවේශයක් සහිත විශාල Epic EHR දත්ත සමූහයක් ධාවනයට අවශ්‍ය පරිමාණය සාක්ෂාත් කරගනියි. මෙය Epic පාරිභෝගිකයන්ට පොදු දත්ත රාශියක් හුවමාරුකරගැනීමට අධෝව්‍යුහයේ එතෙක් පැවැති විසඳුම් සීමාවන් ඉක්මවා යාමකි.
නව Microsoft AI Cloud Partner වැඩසටහන
Microsoft Inspire තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Microsoft AI Cloud Partner Program දියත් කර තිබේ. අපගේ හවුල්කාරීත්ව වැඩසටහනේ නවතම අදියර වන මෙය, Microsoft AI සහ Microsoft Cloud තුළින් ප්‍රයෝජන ලබමින් සිය පාරිභෝගිකයන්ට ඉහළම ප්රතිලාභ සැලසීමට අපගේ හවුල්කරුවන්ට අවස්ථාව සලසා දෙයි. Microsoft AI Cloud Partner වැඩසටහන හරහා, අපි සියලුම මට්ටම්වල පවතින හවුල්කාර ව්‍යාපාර ආකෘති සඳහා පුළුල් ආයෝජන විසඳුම් එකතුවක් අපගේ හවුල්කරුවන් වෙත ලබා දෙන්නෙමු.
Onboarding, skilling, go-to-market, incentives සහ co-selling ඇතුළුව හවුල්කාර ව්‍යාපාරවල සියලුම මානයන් Microsoft AI Cloud Partner Program මගින් ආවරණය වේ. හවුල්කරුවන්ට පෙර පැවති වැඩසටහනේ ප්රතිලාභ සහ වටිනාකම්වලට අමතරව AI තාක්ෂණය මුල්කරගත් නව විශේෂාංගවලින් ප්‍රයෝජන ලැබීමටද අවස්ථාව හිමි වේ. එමෙන්ම නව වැඩසටහන වෙත මාරුවීමට හවුල්කරුවන් කිසිවක් කළ යුතු නැත. වහා ක්‍රියාත්මක වන පරිදි හවුල්කරුවන් නව වැඩසටහනට ඇතුළත් කිරීමට අප පියවර ගෙන ඇති අතර, ඔවුන්ට පෙර පැවති ප්රතිලාභ සහ තත්ත්වයන් එලෙසින්ම හිමි වේ. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: Microsoft AI Cloud Partner Program
හවුල්කාරීත්වයන් පිළිබඳ අතිරේක තොරතුරු
හවුල්කරුවන්ට තම ව්‍යාපාර කටයුතු වැඩිදියුණු කරගැනීම සඳහා උපකාරී වන නවතම යාවත්ව්කාලීන කිරීම් කිහිපයක්:
- ISV Success යාවත්කාලීන කිරීම්: පසුගිය Microsoft Inspire වැඩසටහනේදී නිවේදනය කරන ලද මෙය, AI Cloud Partner වැඩසටහන තුළ සිටින ISV හවුල්කරුවන්ට අදාළ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වූ අතර මෙතැන් සිට සාමාන්‍ය භාවිතයට එක්වේ. ISV Success මගින් නිෂ්පාදන හා Cloud ප්රතිලාභ, demo හා sandbox environments, Apps නිර්මාණය කිරීමට සහ publish කිරීමට අවශ්‍ය තාක්ෂණික මගපෙන්වීම්, සහ publish කිරීමෙන් පසු Microsoft commercial marketplace හරහා අලෙවිය වැඩි කරගැනීමට අවශ්‍ය විකුණුම් හා අලෙවිකරණ සහය වැනි ප්රතිලාභ රාශියක් හිමි වේ. තවද ISV Success සමග සම්බන්ධ වන හවුල්කරුවන්ට 2023 වසරේ අවසානය වනවිට ඔවුන්ට හිමි ප්රතිලාභවල කොටසක් වශයෙන් GitHub Copilot භාවිතා කිරීමටද අවස්ථාව හිමි වේ.
- බහුපාර්ශ්වීය පෞද්ගලික දීමනා: : Microsoft commercial marketplace වෙනුවෙන් අප සිදුකරන අඛණ්ඩ ආයෝජනවල කොටසක් ලෙස, අපි බහුපාර්ශවීය පෞද්ගලික දීමනාද ප්‍රකාශයට පත්කළෙමු. මෙමගින් අපගේ හවුල්කරුවන්ට Microsoft commercial marketplace තුළ customized deals අලෙවි කිරීම සඳහා එක්ව කටයුතු කළ හැකි වේ.
- හවුල්කරුවන් වැඩි පිරිසකට New Solutions Partner designations: AI Cloud Partner Program හි කොටසක් ලෙස, අතිරේක හවුල්කරුවන්ට ඔවුන්ගේ තාක්ෂණික හැකියාවන් වෙන්කර දැක්වීම සඳහා සහ පාරිභෝගික සාර්ථකත්වය පෙන්නුම් කිරීමට අවස්ථාව ලබා දීම සඳහා නව තත්ත්ව නාමයන් හඳුන්වා දෙන්නෙමු. මීට නවක හවුල්කරුවන් සඳහා නව පුහුණු සේවා නාමයක්, Microsoft Cloud සහ අපගේ industry clouds සමග එක්ව සිටින හවුල්කරුවන් වෙනුවෙන් ISV නාමයන් සහ සහය සේවා නාමයක්ද ඇතුළත් වේ.
මෙම නිවේදන පිළිබඳව මෙන්ම, AI පරිවර්තනයක් වේගවත් කරමින්, අපගේ හවුල්කරුවන්ගේ වර්ධනයට හා සාර්ථකත්වයට උරදීමට හැකි වීම පිළිබඳව අපි මහත් සතුටට පත්වන්නෙමු. ඉහත දක්වා ඇත්තේ Microsoft Inspire හිදී සිදුකිරීමට නියමිත නිවේදනවලින් කිහිපයක් පමණි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, මෙහි අවසානයේ දක්වා ඇති මූලාශ්‍ර වෙත පිවිසෙන්න.
එමෙන්ම අද දින සිදුකරන ලද නිවේදන පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා Microsoft Inspire හි ලියාපදිංචි වන්න. Satya Nadella, Judson Althoff සහ Nicole Dezen සිදුකළ දේශනවලට සවන් දීමෙන් හෝ On Demand ක්‍රමයට ඔවුන්ගේ අදහස් දැක්වීම් නැරඹීමෙන්ද වැඩිදුර තොරතුරු දැනගත හැකි වේ.
අතිරේක තොරතුරු:
Microsoft 2023 Partner of the Year Awards winners and finalists
Furthering our AI Ambitions – Announcing Bing Chat Enterprise and Updates to Microsoft 365 Copilot
Find out how to get started with Bing Chat Enterprise
How Microsoft Sales Copilot will empower sellers and customer service agents
Learn more about Power Mining in Power Automate